Sunday, January 13, 2013

මගේ රට- අළුත් බ්ලොගියක්.


මගේ ඊමේල් ගිණුමට පැමිණි ඊයක් නිසා මා මෙතෙක් කියවා නැති, එහෙත් මා කියවන්නට කැමැත්තෙන් සිටි වර්ගයේ බ්ලොග් අඩවියක් හමුවුණා. එහි නම මගේ රට..මම එම බ්ලොග් සටහන් කිහිපයක්ම කියවා බැලූවා. වටිනා අදහස්. නමුත් අඩවිකරුවාගේ සමහර මතවාද සමග එකඟ වීමට නොහැකි තැන් එහෙමත් නොතිබුණා නොවෙයි. එම සීමාකම් තිබියදී වුවත් මේ අඩවිය සිංහල බ්ලොග් පාඨකයන් මග නොහැර කියවිය යුතු එකක් යැයි මට සිතුණා. කියවා බලන්න. 

අපේ රටේ බොහෝ දෙනා ක්‍රිකට් ක්‍රීඩා නරඹන්නේ ලංකාව ක්‍රීඩා කරන විට පමණි. අපි කැමති ක්‍රීඩාවට නොව අපේ රට දිනනවා දැකීමටය. අර්ජුන රණතුංගගේ කණ්ඩායම ලෝක කුසලාණය දිනුවායින් පසු අපිටත් දිනන්නට පුළුවන් යැයි හැඟීමක් අපට ඇතිවිනි. සාමාන්‍ය මිනිස්සු තවම ක්‍රිකට් ගැන උනන්දු වන්නේ ඒ ගැම්මටය. අපේ අල්ලපු රටවල්ද අපි මෙන්ම ක්‍රිකට් උන්මාදයෙන් පසුවෙන බව කියැවේ. නමුත් ඔවුන්ගේ ක්‍රිකට් සංස්කෘතිත් අපේ ක්‍රිකට් සංස්කෘතියත් අතර යම් වෙනස් කම් ඇත. ඉන්දියාවේ ක්‍රිකට් හරහා විසිරී සිටින විවිධ ජාතියේ ඉන්දියානුවන්ට තමන් එකම ජාතියකට අයිතිය යන හැඟීම ලබා දෙයි. ක්‍රිකට් හරහා සිංහළුන්ගේ ජාතික හැඟීම් වැඩුනත් සිංහළුන්ට ජාතිකත්වයක් ලබාදෙන්නේ ක්‍රිකට් නොව ඔවුන්ගේ ඉතිහාසයය. අද වෙන්වී සිටින දෙමළුන් ඒ ජාතියට බන්දා ගන්නට නම් ක්‍රිකට් උපකාරී වෙන්නට පුළුවන. කෙසේ වුනත් පොදුවේ ශ්‍රී ලාංකිකයින් ක්‍රිකට් දකින්නේත් ගසන්නේත් වෙනමම ක්‍රමයකට බව කාගේත් පිළිගැනීමය. ඒ වෙනස අපි දිනන විට නොව පරදින විට වඩා හොඳින් දැක ගත හැකි යැයි මම සිතමි.

ඔවුන්ගේ කණ්ඩායම පරදින විට ඉංදියාවේත් පකිස්ථානයේත් මිනිස්සු කුපිත වී ක්‍රීඩකයින් ගේ නිවාස වලට ගල් ගසන බවත්, වීදි බැස කල කෝලාහළ කරන බවත්, ක්‍රීඩකයින්ගේ රූකඩ වලට ගිනි තබන බවත් අපි අසා ඇත්තෙමු. ඔවුන්ට පරාජය දරා ගත නොහැකිසේය. අපි නම් එසේ කරන්නේ නැත. හූවක් වත් කියන්ට අපිට සිත් නොදේ.

දිගටම කියවන්න මෙතනින් යන්න.

Thursday, December 20, 2012

ෆිසික්ස් කීවට බර වැඩිම නෑ.



අළුත් ,,නිර්මාණශීලී බ්ලොග් අඩවි හොයමින් ඉන්න මොහොතක ටිකක් වෙනස් විදිහේ බ්ලොග් අඩවියක් දැක්කා. මේකේ නම ෆිසික්ස්ලන්තේ .මම මේක වෙනස් විදිහේ අඩවියක් කීවෙ අපි එදිනෙදා මුහුණ දෙන සිදුවීම් සහ අත්දැකීම් විද්‍යාත්මකව පහදා දීමට ඉඩකඩ වෙන්කරලා ඇති නිසයි.  


ලෝක විනාසෙ වෙන්නෙත් බූමි කම්පාවක් නිසා කියල ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්න නිසාත් ගොඩක් රටවලට වගේම ළඟක ඉඳන් ලංකාවටත් අළුතින් භූමි කම්පා එන්න පටන්ගෙන තියෙන නිසාත්භූමි කම්පා ගැන ටිකක් ලියන්න හිතුවා.. සමහරවිට ඔයාල මේ ගැන දන්නවත් ඇති..

කියවලා බලන්න වෙනසකටත් එක්ක.





Thursday, December 6, 2012

කමතෙන් කතාවක් -අශ්වයා සහ මුර භටයා



අශ්වයා සහ මුර භටයා  
පුරාණ කාලයේ ගුආංසු නම් බුද්ධිමත් චීන පඬිවරයෙක් තම  සුදු පැහැ අශ්වයා පිට නැගී දේශ සීමාව පසුකරයාමට බලාපොරොත්තු විය ..දේශ සීමාව පසු කිරීමේදී අසු පිටින් යාම තහනම් විය ..එහෙත් මහලු පඩිවරයාට අසු පිටින් බැස යාම දුෂ්කර කාර්‍යයක් විය  . ඔහු මුරබටයා සමඟ තර්ක කළේය. 
"අශ්වයෙක් දුඹුරු පැහැති එකෙක් විය හැකිය "

"කෙසේ වුවත් සුදු අශ්වයෙක් දුඹුරු පැහැ විය නොහැකිය "


"එම නිසා සුදු අශ්වයා කිසිසේත් අශ්වයෙක් නොවේ "

එම තර්කය මුරභටයා කෙරෙහි කොතරම් බලපෑවේද යත් ඔහු . මහළු පඩිවරයාට අසු පිටින් යාමට අවසර ලබා දුන්න්නේය .


සරල පන්නයේ අපේ සිංඩියට ඔබේ සහයෝගය නැතුව කොහොමද? හැකි නම් ,ඔබේ අකැමැත්තක් නැත්නම් add gadget වෙත ගොස් picture add කරමින් කමත ලෝගෝ එක save කර අපේ ලින්ක් එක ලබාදී ඔබේ අඩවියේ කුඩා ඉඩකඩක් කමතට වෙන්කර දෙන්න. 


Friday, October 5, 2012

සරල පන්නයේ අපේ සිංඩියට ඔබේ සහයෝගය නැතුව කොහොමද? හැකි නම් ,ඔබේ අකැමැත්තක් නැත්නම් add gadget වෙත ගොස් picture add කරමින් කමත ලෝගෝ එක save කර අපේ ලින්ක් එක ලබාදී ඔබේ අඩවියේ කුඩා ඉඩකඩක් කමතට වෙන්කර දෙන්න. 

මේ   කාගේ  දෝ       කමතා 
බ්ලොග් ලියනා අපෙ කමතා 

කමතේ වාඩිවෙන්න 

කමත සරල බ්ලොග් සින්ඩිකේටරයකි. සිංහල යුනිකෝඩ් භාවිතයෙන් වෙබ් අවකාශයේ සිංහලෙන් ලියැවෙන වෙබ් සහ බ්ලොග් අඩවි එක් තැනකට එක්කාසු කිරීම අපගේ පාථමික උවමනාව විය. අනෙක් උවමනාව වූයේ කියවන්නන්ගේ පහසුව උදෙසා ඒවා ප්‍රවර්ග කිරීමයි. දැනට අප කියවමින් සිටින වෙබ් සහ බ්ලොග් අඩවි කමතට ඇතුළ් කර ඇති අතර  ඔබගේ බ්ලොග් ලියැවුම් කමතට ඇතුළත් කිරීමට කැමති නම් පහත මූලික සදහන් සමඟ මතු දැක්වෙන ඊ ලිපිනයට තැපෑලක් යොමු කරන්න. ඔබගේ අඩවිය  එක් දිනක් තුළ කමතට ඇතුළත් කරගැනීමට අප සූදානම්. 
ස්තූතියි. 
ඔබගේ අඩවිය ඇතුළ් කිරීමට. 
ඔබගේ නම -
ඊ තැපෑල -
අඩවියේ URL ලිපිනය -

සමඟ,ඔබෙ ඉල්ලීම සහ බ්ලොග් අඩවිය ඇතුළත් විය යුතු යැයි ඔබ සිතන ප්‍රවර්ගය ද සදහන් කොට 
 tikiribandara111@gmail.com යන gmail ලිපිනයට තැපෑලක් යොමු කරන්න.